Report

ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලිය තාරකා විද්‍යා සංගමයේ ආරාධනය පරිදී Astronomical Research institute of Sri Lanka ආයතනය මූලිකත්වයෙන්, ආනන්ද විද්‍යාලිය තාරකා විද්‍යා සංගමයේ , ආදී ආනන්දීය තාරකා විද්‍යා සංගමයේ හා Star party Group හි දායකත්වයෙන් සංවිධානය කරනු ලැබූ රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර හා නිරීක්ෂණ තාරකා විද්‍යා වැඩමුළුව 2019 මාර්තු 02 දින රැය පහන් වන තුරු, විශාල ශිෂ්‍ය පිරිසකගේ සහබාගිත්වයෙන් එම විද්‍යාලයේදී ඇති සාර්ථකව නිමාවට පත් විය.

මෙහිදී සහාබාගී වූ පිරිසට නිරීක්ෂණ තාරකා විද්‍යාත්මක දේශණ, මෙන්ම දුරේක්ෂ ආධාරයෙන් සඳ නිරීක්ෂණය , බ්‍රහස්පති නිරික්ෂණය, සෙනසුරු නිරීක්ෂණය, ගැඹුරු අහස වස්තුන් නිරීක්ෂණය කරමින් විශ්වයේ අසිරිය අධ්‍යයනය කිරීමට මෙන්ම රොකට් තාක්ෂණයේ නව ප්‍රවණතා ආශ්‍රිතව ඔවුන්ගේ දැතින් නිමවුන නව ආකෘති හා දැනුම සොයා යාමේ කණ්ඩායම් ක්‍රියාකාරකම් වලින් සුසැදි ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන සංකල්පයෙන් යුත් නවීන තාරකා විද්‍යා වැඩමුළුවක් පැවැත්වීමට අප කණ්ඩායමට හැකි විය. තවද මෙහිදී තෝරාගත් දක්ෂ ශිෂ්‍යයන් අප හා සම්බන්ද කරගනිමින් ඔවුන් ගේ දක්ෂතා තවදුරටත් වර්ධනය වර්ධනය කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටිමු.

ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ තාරකා විද්‍යා දැනුම පෝෂණය කිරීමේ පරම අභිප්‍රායෙන් යුතුව නිර්මාණය කරනු ලැබූ, වසර 15 කට අධික දේශීය හා විදේශීය තාරකා විද්‍යාත්මක අත්දැකීම් වලින් පරිපුර්ණ කණ්ඩායමකින් මගින් මෙහෙයවන Astronomical research Institute of Sri Lanka හි සේවය ලබා ගැනීමට ඔබත් අදම අප හා සම්බන්ද වන්න.

 

ambilipitiya

Comments

Showing 2 comments
You need to be logged in to leave a comment

About Me

President of Astronomical Research Institute, Sri Lanka Researcher and Lecturer in Astronomy Microbiologist (Profession) Group Quality Control Specialist at ORANA.DK (Current Appointment) Diploma in Quality Management (SLSI) Graduated in Astronomy and Astrophysics (International School for Young Astronomers - (IAU) B.Sc Hons. Microbiology (Sp.) - University of Kelaniya Hon. Mention Diploma in Astronomy and Astrophysics (IOAA, China) ISO/IEC 17025 Certified Assessor in SLAB Former National Point of Contact for Sri Lanka at United Nations' Space Generation Advisory Council. Former Trainer and Lecturer for Sri Lanka Astronomy and Astrophysics Olympiad (2011 - 2016) Team Member for research team members at IASC, AAVSO,...

Contact

Location:Kadawatha, Western
Sri Lanka
Website:www.linkedin.com
Social Media: